Books to read

Image

සැප්තැම්බර් මාසේ කියන්නේ සිරි ලංකාවේ සාහිත්‍ය මාසේ. මේක නැගලා යන්නේ පොත් ප්‍රදර්ශනේ නිසා. එක එක සෙල්ලම් ගොඩක් අස්සේ, හොඳ පොතක් අඩුවට හොයාගන්නත් මේක මහඟු අවස්ථාවක්. පොත් පත් වලට ආදරේ කොරන අය මේ අවස්ථාව එනකල් බලාගෙන ඉන්නේ දින ගැන ගැන. පොත් හතක් අටක් දැනටත් ලියා දාලා, එතකොට මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා ඉන්න අපේ කතන්දර මහත්තයා පොත් ප්‍රදර්ශනේදි ගන්න ඕන පොත් මොනවද කියලා පෝස්ට් එකක් දාලා තිබුනා. ඉතින් එයාට තෝරගන්න මම දන්න පොත් ටිකක් එයාගේ පෝස්ට් එකේ දැම්මා. මේ පහළ තියෙන්නේ ඒ පොත්. ඔයාලා දන්න තවත් පොත් තියෙනවනම් කොමෙන්ට් වලට දාන්න. මොකද ඒක පොත් කියවන අයටත්, පොත් ප්‍රකාශනය කරන අයටත් පොත් දාන අයටත් ළොකු සේවයක් වේවී.


  • ඉසෙඩ් ස්කෝර් – බන්දුල ගුණවර්ධන (ආර්ථික විජ්ජා පොතක්)
  • තෙල් බාලා – ස්වයං චරිතාපදානය – සුසිල් ප්‍රේමජයන්ත
  • කේලම් තොල්ලා – පුලතිසිපුර සිරිසේන
  • මැරෙන තුරා මං – වැව්බැඳිපුර බර්ටි පී. දිසා
  • පිස්සූ ආචාරියෝ – හඟුරන්කෙත සුදු බන්ඩා
  • ඔන්න මෙයා මං පැන්නා – ඇතුගල්පුර දයා සිරි
  • මගේ බඩු 400 – අකුරැස්සේ අපචාර
  • කටුවන මළ ගේ – ජූලම්පිටියේ අමරේ
  • ධනවතකු වන්නේ කෙසේද – කළුතර රත්තරන්
  • අසරණ කප්පම් – සියනෑවේ අසරණ සරණ
  • නිවනට පහසු මග – බෙන්තොට අහවල් හිමි
  • දෙමළු මරමු – අපි සිංහල ප්‍රකාශනයක්
  • මං බය නෑ – හේමකුමාර නානායක්කාර
  • ලිබරල් සමාජවාදය – විමල් පංචායුධ
  • පැරණි ලක්බිම අධීවේගී මාර්ග – පනා පුත්‍ර කුහුඹු පැණියා
  • නිදන් වදුල – නවතම මුද්‍රණය – එල්ලාවල මේදානන්ද හිමි
  • පද්දතියක කරුමය – දඹර අමිල හිමි
  • රජු නොකැපී චෙස් ඇදීම – වික්ටර් අයිවන්
  • විනය පිටකය – රනිල් වික්‍රමසිංහ
  • මේ, ඒ නැවේ තෙල් නෙමේ – අනුර ප්‍රියදර්ශන යාපා
  • ඉන්දියාවේ කෝලම් නැටුම් – කළාශූරී සනත් ජයසූරිය
  • කොටස් වෙළඳ පොළ ආයෝජනය කරන්නේ කෙසේද – කොටස් මාෆියාවේ ප්‍රකාශනයක්
  • වමට වඩා දකුණ මරු – වාසූ දේව නානායක්කාර
  • දරුවන් හදන්නේ කෙසේද – වික්ටර් අයිවන්
  • ගස් බැඳිල්ල හා තවත් කෙටිකතා – ආචාර්ය මර්වින් සිල්වා
  • කටුගේ මංකොල්ලේ – පොලිස් මාධ්‍ය ප්‍රකාෂක අජිත් රෝහන
  • පොල් සහ මල් – මොණරාගල පුෂ්පේ
  • ගම් මට්ටම්, බිම් මට්ටම්, තම්මැට්ටම් සහ අපේ බයිලා සාහිත්‍ය – කෙසෙල්වත්තේ පොඩි ප්‍රේමදාස
  • ගොනාට ඇන්දීම හෙවත් පානිය – දේශපාලන පොතකි – ඩලස් අලහප්පෙරුම
  • ඒක සුළු දෙයක් – රඹුක්කන කෙහෙලිය

මීට අමතරව මාගම්පත්තුවේ රාජපක්ෂ සාහිත්‍යවේදියානන් විසින් රචිත

  • මන්දිරේ අලි ගාල
  • දරුවන් සුරතල් කරන්නේ කෙසේද
  • හෙළ දිව දිව ඔසු – (ඉනා බේත්)
  • මගේ ගව ගාල
  • පිය සෙනෙහේ දෝර ගලයි
  • හිනා ඉනා
  • මාධ්‍යවේදී ධමනය

යන පොත පතද රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ කුටියෙන් නොමිලේ ලබා ගත හැක.

Advertisements
පැත්තකින් | This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )